Lankanlife

Community

Sri Lankan life

0:31
<3
8 days ago
2:34
.
1 month ago
2:50
❤️වැව රවුමේ රැජින හෝටලය අයිනෙන් පටන් අරන් පයින් ඇවිදන් ජෝයී බෝට්ටු සේවය පහුකරගෙන වැව පැත්තෙන්ම ලක්සල ඉස්සරහට එද්දි තමා නුවර වැවේ බිසෝකොටුව හම්බුවෙන්නේ. එතන බිසෝකොටුවයි වැව රවුමේ අනිත් කෙළවරයි අතරේ තියෙනවා පොඩි බංකු පේළියක්. ගොඩක් වෙලාවට ප්‍රේමවන්තයන් සුළු වේලාවකට මුණගැහෙන්න වාඩි වෙන්නේ මේ බංකු පේළියේ. මේ හරියේ දිය සීරාව තරමක් වැඩි. අර කිව්වා වගේ දිය සෙවෙල් බැදෙන්න ගොඩක් පුළුවන්. ❤️වළාකුළු බැම්මේ වලාකුළු 20ක් විතර මේ බංකු පෙළට හරියටම ඉස්සරහින් තියෙනවා. නුවර ගැණු ළමයෙක් ගොඩක් වෙලාවට මෙන්න මේ කියන වලාකුළු 20 ඉස්සරහින් එක්කෝ බස් එකකට නගින්න නැත්තම් පංතියකට, ඉස්කෝලෙකට යන්න ඔය වගේ මොකක් හෝ හේතුවකට සතියකට එකපාරක් හරි මෙතනින් යනවා. ඔය කිව්ව වලාකුළු බැම්ම පහු කරගෙන තවත් වැව රවුම දිගේ ඇවිදගෙන යද්දී ඩෙවෝන් හෝටලය පහුකරපු ගමන් තියෙනවා මල්වතු මහා විහාරය සහ පිරිවෙණ. සාමනේර සහ උපසම්පදා හාමුදුරුවරු රැසකගේ අධ්‍යාපන නවාතැන. ඉතින් ඔය පිරිවෙනේ ඉන්න හාමුදුරුවරුත් සතියකට එකපාරක් හෝ ඔය කියන වලාකුළු බැම්ම ඉස්සරහින් යනවා. කතාවට කියන නුවර කුමාරිහාමි කෙනෙක් පිරිවෙන් යන හාමුදුරු කෙනෙකුගේ ඇස ගැටෙන එක බොහොම සුලබ සිදුවීමක්❤️ ථෙරවාද බුද්ධ ධර්ශනයේ හැටියට චීවරධාරියෙකුට කම්සැප විඳීම අකැපයි. නමුත් චීවරධාරී වෙවා නොවේ සෑම සියලු දෙනාටම පොදු දෙයක් තමා “සිත“ කියන්නේ. “දූර ගමන් ඒක චරං අසරීරං ගුහාසයං - යේ චිත්තං සංඥ මෙස්සන්ති - මොක්කන්ති මාර බන්ධනං“. පැවිදි දිවියට ඇතුලත් වෙලා තවත් සිත සංසුන් කරගන්න උත්සහ කරත් හාමුදුරුනමක් කියන්නෙත් පෘථග්ජන පිරිමියෙක්. ❤️කාන්තාවක් ඉදිරියේ ඕනෑම පිරිමියෙකුගේ සිත යම් තාක් දුරකට චංචල වෙන එක ලෝක ස්වභාවයක්. සිත දමනය කරගැනීම ප්‍රගුණ කරමින් සිටියත් ඒක සීමාකාරී අවස්ථාවක ඉන්න කෙනෙකුට ප්‍රේමය කියන චෛතසිකය සිත තුල ඇති වෙන්න ගත වෙන්නේ සුළු වෙලාවයි. නමුත් ඒ චෛතසිකයම නිර්වාණ අවබෝධ කරගැනීම පිණිස කමටහනක් කරගන්නත් හාමුදුරුවන් වහන්සේ කෙනෙකුට පුළුවන්. ප්‍රේම සජ්ජායනාවම භාවනාවක් වෙන්නේ අන්න❤️ ඒ නිසයි.... “සිරිතටම පිරිත් කී.......හිතට සැනසුම් නැතී......“ “හීන් නිළි වැස්සටත් වෙන් වෙයි.........ස්ව කැමැත්තෙන් ඇතැම් මල් පෙති..." තරිඳු ධම්සර - මේ වගේ ගීත තව ජනප්‍රිය කරවන්න මොකක් හරි ක්‍රමවේදයක් යොදාගන්න. රැල්ලට නොයන මේ වගේ ගීත තමා නූතන සුභාවිත ගීත විදියට අපිට අහන්න පුළුවන්.❤️
3 months ago